News Line| Off Air
Generic placeholder image

Jul
14

කොරෝනා වලින් පස්සේ අපේ අනාගතේ මුහුඳ පතුලටද ?

619 Views


කොරෝනා වලින් පස්සේ අපේ අනාගතේ මුහුඳ පතුලටද ?

කවදාවත් දැකපු නැති, විඳපු නැති ත්‍රාසජනක අත්දැකීමක් විදීමට මුලු ලෝකයම පිවිසෙන කාලය වැඩි ඈතක නොවේ. මේ කොරෝනා නිසා මුලු ලෝකයම වසා දැමීමෙන් පසු බොහෝ දෙනා උනන්දුවක් දක්වපු එක් කරුණක් දැවැන්ත සංකල්පයක් ලෙස කරලියට පැමිණීමකි.

එනම් ගෝලීය උෂ්ණත්වය හා වායුදූෂණය පහල යාම පිළිබඳ නිර්මාණය වු කතිකාවතේ ප්‍රතිඵලයක් ලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බොහෝ මින්සුන් සිතීමට පෙලඹි තිබීමයි. මෙහිදී වැඩි වශයෙන් කතා වු දෙයක් වන්නේ මුහුඳු පතුල හා කොරල්පර ආරක්ෂා කර ගැනීමයි. මීට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයෙන් 70% ප්‍රමාණයක් මුහුදෙන් වැසී පැවතීමයි.

මුහුඳ පතුලේ කිමිදෙන්නන් කොරල් පර හා ගැඹුරු නොවන මුහුදේ යා හැකි දුර විනා මුහු‍දේ අසිරිය තවම හරිහැටි දැක නැත. බොහෝ විට වෘත්තීය මට්ටමේ කිමිදුම් කරුවෙකු වුවද ගමන් කරන්නේ ඔහුට යා හැකි දුරක් පමණි. නමුත් කිසිවෙකු මීට පෙර මුහුඳ පතුලේ ඇති දූපතකට ගොස් තම කාලය ගත කිරීම, මුහුඳ පතුලේ සිටිමින් ගොඩබිමේදී සිදුකරන ක්‍රියාකාරකම් හා සමාන ක්‍රියාකාරකම් සිදු කිරීමක් ගැන සිතා හෝ නොමැත. මුහුඳ පතුලට කිමිදෙමින් සාගර ජීවීන් සමඟ කාලය ගත කිරීමද ඉන් එක් අංගයකි.

මුහුඳ පතුලේ සංචාරය පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයේ මුල්ම පියවර වසර කිහිපයකට ඉහත තබන ලදී. ඒ අනුව මේ වන විට මුහුඳ පතුලේ සංචාරක හෝටල් කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. මාලදිවයිනේ ඇති කොන්රාඩ් මෝල්ඩිව්ස් රන්ගලි අයිලන්ඩ් ( Conrad Maldives Rangali Island ), නෝර්වේ පිහිටි ලොව විශාලතම මුහුඳ පතුලේ ඇති අවන්හල, ඕස්ට්‍රේල්යාවේ ඇති නගාරෝ කලාගාරය මේ අතරින් කිහිපයකි.

නමුත් මුහුඳ පතුලේ සංචාරය තවමත් ලෝකය හරිහැටි ග්‍රහණය කර නොගත් සංකල්පයක් ලෙස දැක්විය හැක. එයට හේතුව වන්නේ මුහුඳු පතුලේ සංචාරය පිහිනීමට දන්නා අයට හෝ කිමිඳුම්කරුවන්ට පමණක් සීමා වු දෙයක් වීමයි.

මේ වන විට ලෝකය පුරා සක්‍රිය කිමිදුම්කරුවන් මිලියන 6ක් පමණ සිටින අතර සාගරවල ගවේෂණය කිරීම, ගිලුණු සුන්බුන් සෙවීම, තල්මසුන් හා කැස්බෑවන් සමඟ පිහිනීම සහ දිය යට ගුහාවලට යාම වැනි බොහෝ ක්‍රියාකාරකම් වල ඔවුන් නිරත වෙයි. මීට අමතරව, වෙරළබඩ නිවාඩු නිකේතන හා වීදුරු පතුල් සහිත බෝට්ටු වල දිගු ගමනක් ගමන් කිරීම තවත් ක්‍රියාකාරකම් කිහිපයකි.

නමුත් මුහුදු පතුලේ කිමිදීම, ත්‍රාසජනක දේවල් කිරීමට කැමති මිනිසුන්ට හොඳ අවස්ථාවක් වුවත් මේ දේවල් ඉගෙන ගැනීමට වෙනම කාලයක් ගතවන බැවින් ඒ සඳහා මැලි කමක් දැක්වීමයි. එයට විසඳුමක් වශයෙන් සංචාරකයන් හට ඉදිරිපත් කර ඇති එක් විකල්පයක් වන්නේ සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමට හා ඇවිද යාමට හැකි පරිදි සකස් කරන ලද ටියුබයක් මුහුඳ පතුලේ නිර්මාණය කිරීමයි.

තවත් විකල්පයක් වන්නේ සබ්මැරීන් තුළ ගමන් කිරීමයි. මෙය වැඩි වශයෙන් මාල දිවයින හා හවායි දූපත් ආශ්‍රිතව ක්‍රියාත්මක වන සංචාරක වැඩපිළිවෙලකි. මාලදිවයිනේ ෆෝ සීසන් රිසෝර්ට් ( Four Seasons Resort ) හි ක්‍රියාත්මක කරන ඩීප්ෆ්ලයිට් වැඩ පිළිවෙල මෙයට කදිම උදාහරණයකි. සංචාරකයන් දෙදෙනෙක් හා යානය ක්‍රියාකරවන්නෙකු රැගෙන මුහුඳු පතුලේ ගමන් කළ හැකි මෙම වාහනයේ ගමන් කිරීමෙන් යම් තාක් දුරට මුහුඳු පතුලේ ඇති බොහෝමයක් ස්ථාන නැරඹිය හැක.

මෙම සංකල්පය හරහා ඕනෑම කෙනෙකුට මුහුඳ පතුලේ සංචාරය කළ හැකි බැවින් සබ්මැරීන් යොදාගනිමින් මුහුඳ පතුලේ ගමන් කිරීමට සංචාරකයන් පෙළබීම සංචාරක ක්ෂේත්‍රයේ මීළඟ පිම්ම ලෙස හැදින්වීමට හැකි වේ.

මීට මුල පුරමින් සාගර ගවේශකයන් මේ වන විට සාගරය ආශ්‍රිත ව්‍යාපෘති සිදුකරන්නන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර තිබෙනවා. ඔවුන් එමගින් බලාපොත්තු වන්නේ සාගර ගවේෂණයෙන් සංචාරකයන් විනෝදයක් ලබනවා මෙන්ම සාගර පතුල හා එය රැක ගැනීමට උනන්දුවක් ඇති කරමින් දැනුම සංචාරකයා හට ලබාදීමයි.

මෙහි ප්‍රධාන පියවර සංචාරක ආකර්ෂණිය ස්ථාන හා මුහුඳු පතුලේ සංචාරය කිරීම එකතු කරමින් සංචාරයන්ට නව මුහුණුවරක් ලබා දීමයි.

මුහුඳු පතුලේ සංචාරය නව බොහෝ ව්‍යාපාර අවස්ථා ඇති කරන බැවින් අනාගතයේදී එයට ඇති ඉල්ලුම මෙන්ම ජනප්‍රියත්වය සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සාගරය ආරක්ෂාව හා ඒ පිළිබඳව දැනුමක් ලබා දීම සිදුකළ යුතු බව සාගර විද්‍යාඥයන් පවසනවා. මෙය බලාපොරොත්තු වන ආකාරයෙන් සාර්ථක කර ගතහොත් සාගරය ආරක්ෂා කර ගැනීමට මුලු ලෝකයටම හැකි වන බව ඔවුන්ගේ අදහසයි.


News Articles
Latest Videos
Most Popular Post