News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

පොලිස් නිලධාරීන් හප්පා පලාගිය ටිපර් රථය සොයා ගනී

789 Views


පොලිස් නිලධාරීන් හප්පා පලාගිය ටිපර් රථය සොයා ගනී

මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක්කර පලාගිය ටිපර් රථය, රන්න ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.

රන්න, කට්ටකඩුව, ගෝටයිම්බරගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ නතර කර තිබිය දී අදාළ ටිපර් රථය සොයාගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

ඊයේ(13) රාත්‍රියේ, ටිපර් රථ රියදුරෙකු සිදුකළ මෙම අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබුණි.

ටිපර් රථ රියදුරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හක්මන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post