News Line| Off Air
Generic placeholder image

Jul
15

ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යුද හමුදාවට පැවරීමේ තීරණයක්

946 Views


ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යුද හමුදාවට පැවරීමේ තීරණයක්

ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියදුරු බලපත්‍ර සැකසීම මේ වනවිට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරයි. රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට මහජනතාවට සිදු වෙයි.

ඒ පිළිබඳ ව පැවති සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න සහභාගීත්වයෙන් පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post