News Line| Off Air
Generic placeholder image

Jul
15

තැපැල් ඡන්ද විමසීම අද තෙවන දිනටත්

1009 Views


තැපැල් ඡන්ද විමසීම  අද තෙවන දිනටත්

එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) තෙවන දිනටත් සිදුකරනවා. තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙන් ආරම්භ වූ අතර එදින සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.

සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරිමට අද දිනය වෙන් කර තිබේ.

හෙට (16)සහ අනිද්දා (17) යන දිනයන් හි සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙම දිනයන්හි දී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ට ලබන 20 සහ 21 යන දිනයන් හි තැපැල් ඡන්දය භාවිතා කිරිමට හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post