News Line| Off Air
Generic placeholder image

Jul
16

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2674 ක් දක්වා ඉහළට

716 Views


මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2674 ක් දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් අසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළ යයි

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් අසාදිතයින් ගණන මේ වන විට 2674 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඒ අතරින් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 662 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2001ක්.


News Articles
Latest Videos
Most Popular Post