News Line| Off Air
Generic placeholder image

Jul
18

අද දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

978 Views


අද දින කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද දින රාත්‍රී 8 සිට හෙට දින පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොළඹ 11 සහ 12 ප්‍රදේශ වලට අඩු පීඩන ජල සැපයුමක් සිදුවනු ඇත.

එමෙන්ම අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2 සිට හෙට දින පෙරවරු 6 දක්වා පැය 16 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බවද නිවේදනය කර තිබෙනවා. එමගින් කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post