News Line| Off Air
Generic placeholder image

Jul
18

මුඛ ආවරණ පැළඳීමට ඇමරිකානුවන්ට නියෝග නොකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට්ගෙන් පොරොන්දුවක්

714 Views


මුඛ ආවරණ පැළඳීමට ඇමරිකානුවන්ට නියෝග නොකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට්ගෙන් පොරොන්දුවක්

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීමට ඇමරිකානුවන්ට නියෝග නොකරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පල කර සිටියේ රටේ ඉහළම බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි, මුඛ ආවරණ පැළඳීමට මිනිසුන් පොළඹවා ගැනීමේදී “හැකි තරම් බලවත්” වන ලෙස රාජ්‍ය හා ප්‍රාදේශීය නායකයින්ගෙන් ඉල්ලා සිටීමත් සමගයි. මුඛ ආවරණ පැළඳීම “සැබවින්ම වැදගත්” බවත් “ඒවා භාවිතා කළ යුත්තේ සියල්ලන්ම” බවත් ආචාර්ය ෆවුසි පවසා සිටී.

මුඛ ආවරණ පැළඳීම මේ වන විටත් එක්සත් ජනපදය තුළ අතිශයින් දේශපාලනීකරණය වී තිබේ. මුඛ ආවරණයක් පැළඳීමට මීට පෙර විරුද්ධ වූ ජනාධිපති ට්‍රම්ප්, පසුගිය සෙනසුරාදා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ මුඛ ආවරණයක් පැළඳ සිටියේය. නමුත් සිකුරාදා ෆොක්ස් නිවුස් සේවය සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජාතික මුඛ ආවරණ වරමකට තමන් එකඟ නොවන බවයි.

දකුණු ජෝර්ජියාවේ රිපබ්ලිකන් ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් ඉදිරි මාසය සඳහා මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ජනතාවගෙන් ඉල්ලා තිබේ. නගරයේ ආවරණ අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ඇට්ලන්ටා නගරාධිපති කීෂා ලාන්ස් බොටම්ස්ට එරෙහිව දිනකට පෙර නීතිමය ක්‍රියාමාර්ග නොගෙන කෙම්ප් මහතා ජනතාවට මෙම අභියාචනය ඉදිරිපත් කළේය.

එක්සත් ජනපද ප්‍රාන්ත ගණනාවක්, මූලික වශයෙන් දකුණු ප්‍රාන්ත, කොරෝනා වෛරස රෝගීන්ගේ වැඩිවීමක් අත්විඳිමින් සිටී.

එක්සත් ජනපදයේ මේ වන විට කොරෝනා වයිරස් අසාදිත රෝගීන් මිලියන 3.6 කට වඩා තහවුරු වී ඇති අතර, මරණ 139,000 කට වඩා සිදුවී ඇත. එය ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.


News Articles
Latest Videos
Most Popular Post