මෙසේ මුළු ආසාදිතයින් ගණන 2697 ක් වන්නේ ඊයේ දිනයේ මෙරටින් හමු වූ නව ආසාදිතයින් 10 දෙනාත් සමගිනි.
ඉන් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් තිදෙනා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වේ.
එමෙන්ම ඉතිරි ආසාදිතයින් අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක්, රාජාංගනයේ පාසල් සිසුවෙක්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයින් දෙදෙනෙක් සිටී.
ඒ අනුව මේ වන විට මෙරට මුළු ආසාදිතයින් ගණන 2697ක් වන අතර ඉන් 2012 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇත. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 674කි.