News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ඝාතන සිද්ධියකට සම්බන්ද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

616 Views


ඝාතන සිද්ධියකට සම්බන්ද සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

කිරිබත්ගොඩ, නාහේනවත්ත, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පවසන පරිදි අදාළ සැකකරුවන් දෙදෙනෙකු කැලණිය ප්‍රදේශයේ සැඟවී සිටියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් ත්‍රිරෝදය හා තියුණු ආයුධ 3 ක් ද පෑලියගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් 28, 29 හා 32 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකි.


News Articles
Latest Videos
Most Popular Post