මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීම පසුගිය සඳුදා සිට සිකුරාදා දක්වා සිදුකෙරුණ අතර තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා වෙත ගොස් එම දින දෙක තුළ දී තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබෙනවා.
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද භාවිත කිරීම එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කරනවා.
මේ අතර අද දිනය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියා.