News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

931 Views


පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

අද අලුයම පන්නල සිට ගිරිඋල්ල දෙසට නොනවත්වා ධාවනය වූ මෝටර් රථයකට යකාබැදි ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසා සිටියේ. සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති අතර එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර නිලධාරින් යැයි පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ කැම්බල් පාක්හි වාහන කුලියට දෙන මධ්‍යස්ථානයකින් රියැදුරු සමග මෝටර් රථයක් කුලී පදනමට ලබාගෙන ඇති අතර පොලිසිය පවසනුයේ අදාළ පුද්ගලයින් රියැදුරු සමග මෝටර් රථය කුලියාපිටිය, කොහිලවල ප්‍රදේශයේ ගල්වලකට රැගෙන ගොස් රියැදුරු බැඳ දමා මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා අද අලුයම වාහන පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී පන්නල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ අදාළ මෝටර් රථය පොලිස් අණ නොතකා ධාවනය කිරිමේදී වෙඩි තැබූ බව පොලීසිය පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post