News Line| Off Air
Generic placeholder image

Jul
20

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝන ආසාදිතයින් 20 ක්

528 Views


ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝන ආසාදිතයින් 20 ක්

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2724 ක් දක්වා ඉහල දමමින් ඊයේ දිනය තුලදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.

ඉන් 9 දෙනෙකු සවුදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිට ඇති අතර කහතුඩුව කන්දකාඩු ආසාදිතයින්ගේ අශ්‍රිතයින් තිදෙනෙකුද මේ අතරට එක් වනවා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි 2 ක්, කටාර් සිට පැමිණි 3 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2 ක් ද මේ අතරට එකතු වනවා. ඔවුන්ද නිරෝධායනය වෙමින් සිටි අයයි.

එමෙන්ම නිරෝධායනය වෙමින් සිටි පැල්මඩුල්ල ප්‍රදේශයේ කන්දකාඩු අසදිතයින්ගේ ආශ්‍රිතයෙකුද මේ අතරට එක වනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයින් 2724 යි. සුවය ලැබූ සංඛ්‍යාව 2035 ක් වන අතර 678 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වනවා.


News Articles
Latest Videos
Most Popular Post