News Line| Off Air
Generic placeholder image

Jul
21

රාජකාරී වැඩවලට ඊමේල් ඕනෙමද ?

562 Views


රාජකාරී වැඩවලට ඊමේල් ඕනෙමද ?

ඊමේල් භාවිතයෙන් අපි මෙතෙක් කරන සියලුම රාජකාරී හා පෞද්ගලික කටයුතු මෘදුකාංගයක් හෙවත් දුරකථන ඇප් එකක් හරහා කර ගන්න පුළුවන් නම් එය ඔබට කොතරම් දුරට පහසුවක් වෙයිද? ලෝකයේ එක රටක් දැනටමත් එම වෙනසට අත ගසා තිබෙනවා. ඒ රට චීනයයි.

චීනයේ ව්‍යාපාර අවශ්‍යතා වලට ඊමේල් භාවිතා නොකරන අතර චීන වැසියන් ඊමේල් භාවිතා කල යුතු බවට ඔවුන් තුල බලාපොරොත්තුවක්ද නොමැත. ඒ චීනයේ මිනිසුන් රාජකාරී වැඩ සඳහා වැඩිපුරම භාවිතා කරන වී චැට් ( We Chat ) නම් ජංගම දුරකථන මෘදුකාංගය හේතුවෙන්. චීන ජාතිකයින් සඳහා, වී චැට් එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් වන අතර විද්‍යුත් තැපෑල අතීතයේ ඉතිරිව ඇති සන්නිවේදන ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

චීනයේ ඇප් මගින් බොහෝ විශාල ව්‍යාපාරවල වල අවශ්‍යතා සම්පුර්ණ කරන බැවින් මෙය ව්‍යාපාර වලට නැතුවම බැරි සන්නිවේදන මාධ්‍යක් බවට පත්වී තිබෙනවා. ලේඛන බෙදාගැනීම, මාර්ගගත සංස්කරණය, වැටුප් ගෙවීම, සේවා ස්ථාන වල අනුකූලතාවයට අනුව භාවිතා කල හැකිවීම සහ ඉහළ මට්ටමේ පෞද්ගලිකත්වය වැනි විශේෂාංග ඉදිරිපත් කරන බැවින් එරට ව්‍යාපාර ආයතන රාජකාරී වැඩ වලදී මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයක් ලෙස භාවිතා කරනවා.

එනම් රාජකාරිය අවසන් කර තමන් එය අදාළ ආයතනයට වී චැට් හරහා යැවිය යුතු අතර වී චැට් හරහාම එම රාජකාරිය වෙනුවෙන් ගෙවීම් සිදු කරයි. මෙය ක්ෂණිකයෙන් සිදුවන ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. එනම් සේවකයෙකු සිදු කරන රාජකාරිය වී චැට් හරහා යැවූ විට එය නිරීක්ෂණය කර එවෙලේම ගාස්තු ගෙවීම සිදු කරයි. භාවිතය පහසු බැවින් හා සාමාන්‍ය ලෙස භාවිතා කල හැකි බැවින් වී චැට් අවිධිමත් සන්නිවේදන ක්‍රමයක් වුවත් චීනයේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය ලෙස ඉහල තැනක් හිමිකරගෙන තිබෙනවා. තවද කළමනාකරුවන් යවන පණිවිඩ වලට එවෙලේම පිළිතුරු දැක්විය හැකි බැවින් ඊලග දවස වනතුරු සිටීමට අවශ්‍ය නොවේ.

නමුත් තවමත් බොහෝ බටහිර රටවල රාජකාරි කටයුතු වලදී ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වශයෙන් ඊමේල් භාවිතා කරයි. ආයතන සේවකයන් 90% ප්‍රමාණයක් අතර ඊමේල් ජනප්‍රියම සන්නිවේදන ක්‍රමය වන අතර 86% එය වැදගත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිතා කරයි. අන්තර්ජාලය හරහා සිදුකරන ගනුදෙනුවලදී භාණ්ඩ හා සේවා පිළිබඳව තොරතුරු හුවමාරුව, අන්තර්ජාල බැංකුකරණය, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ සහ හඩ පට පිළිබඳව දැනගැනීමට බොහෝ වශයෙන් ඊමේල් භාවිතා කරනවා.

නමුත් චීනයේ මිනිසුන් ලෝකයේ අනෙක් රටවල මිනිසුන්ට සාපේක්ෂව 22%කට අඩු ප්‍රමාණයක් දිනපතා ඊමේල් පරික්ෂා කර බලයි. මේ වෙනුවට වී චැට් මෘදුකාංගය ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලනය කරන්නන් 79.1% නිරන්තරයෙන් භාවිතා කරන මෘදුකාංගයකි. මිට අමතරව 84.5% මිනිසුන් චැට් කිරීම සඳහා වී චැට් මෘදුකාංගය භාවිතා කරයි. වී චැට් චීනයට හදුන්වා දුන් ටෙන්සේන්ට් සමාගම 2017 දී සිදුකරන ලද පරීක්ෂණයකදී ඔවුන් පෙන්වා දී ඇත්තේ චීනයේ 20000කින් 88% මිනිසුන් ප්‍රමාණයක් තමන්ගේ රාජකාරි වැඩ සඳහා වී චැට් භාවිතා කරන බවයි. එස්. එම්. එස්. හා ෆැක්ස් 59.5% ප්‍රමාණයක් සහ 22% අඩුවෙන් ඊමේල් සඳහා භාවිතා කරන බවයි.

අද වන විට මෙම මෘදුකාංගය භාවිතා නොකරන චීන තරුණ තරුණියන් නොමැති තරම්. එය හරියට බටහිර රටවල රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකු එරටින් සොයාගත නොහැකි වනවා යන උදාහරණයට සමාන කර තිබෙනවා. වී චැට් වලට ප්‍රථම හදුන්වා දුන් කිව් කිව් මෘදුකාංගයද මෙවැනිම ව්‍යාපාර රාජකාරි සඳහා භාවිතා කරන මෘදුකාංගයකි.

නමුත් මේ වන විට චීනයේ වඩාත්ම ප්‍රසිද්ධ සන්නිවේදන මෙවලම වන්නේ වී චැට් බවට පත්ව ඇති අතර ස්මාර්ට් ජංගම දුරකථනය ලැප්ටොප් වෙනුවට භාවිතා කරන මෙවලම බවට පත්වී තිබෙනවා. බොහෝ රටවල ඊමේල් ලිපිනයක් පැවතීම ව්‍යාපාර ලෝකයේ පුද්ගලයන්ගේ අනන්‍යතාවයේ කොටසක් ලෙස සැලකෙන අතර එය භාවිතයෙන් බොහෝ ඔන්ලයින් සේවාවලට රෙජිස්ට්‍රර් වීමට හැක. නමුත් චීනයේ වී චැට් ජංගම දුරකතනයට බාගතකරගැනීමෙන් බොහෝ අතිරේක පහසුකම් ලබාගැනීමට හැකිවේ. එනම් දුරකථන මෘදුකාංගයක් හරහා සියලුම රාජකාරි කටයුතු හා පෞද්ගලික කටයුතු සිදුකර ගත හැකි වීමයි.


News Articles
Latest Videos
Most Popular Post