News Line| Off Air
Generic placeholder image

Jul
21

සමෘද්ධිලාභීන්ට පොලී රහිත ණය සහනයක්

1042 Views


සමෘද්ධිලාභීන්ට පොලී රහිත ණය සහනයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසා තිබෙන අතර එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසා තිබෙන්නේ ඔවුන් හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර ගෙන ඇති බවයි.

ඊට අමතරව සියයට 04ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 50,000ක ණය මුදලක් ලබා ගැනීමට ද සමෘද්ධිලාභීන්ට අවස්ථාව ලබාදී ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post