මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2730 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඊයේ කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැත. කොරෝනා අසාදනය වූ පුද්ගලයින් 2048 දෙනකු මේ වන විට සුවය ලබා තිබෙනවා.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් ගණන 671 ක්.
මේ අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට කොරෝනා අසාදනය වීම වැලැක්වීම සදහා කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා. ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනපති ලේකම් පී. බී ජයසුන්දර මහතා විසින්. එහි ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ මාෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක මහතායි.
කාර්ය සාධක බලකායට වෛද්‍යවරුන්ද ඇතුළුව සාමාජිකයින් 06 දෙනකු ඇතුලත්.
මත් ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ පුනරුත්ථාපනය වන පුද්ගලයින් හා බන්ධානාගාර රැදවියන් අතර කොවිඩ් නයින්ටින් ව්‍යාප්තිය පාලනය කිරීමටද කාර්ය සාධක බලකායක් පත් කරනු ඇති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තවදුරටත් වර්ජනයේ නිරත වී සිටිනවා. කොරෝනා පාලනයට අදාලව සියලු රාජකාරි වලින් ඉවත් වීමට ඔවුන් පසුගිය 16 වනදා තීරණය කළා.
මේ අතර බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොපැළදු 1408 කට අවවාද කර තිබෙන බවයි වාර්තා වන්නේ.