News Line| Off Air
Generic placeholder image

Jul
23

නාකොටික් වැඩ ගැන පුළුල් විමර්ශනයක් ඇරඹෙයි

573 Views


නාකොටික් වැඩ ගැන පුළුල් විමර්ශනයක් ඇරඹෙයි

පොලිස් මත්ද්‍රව්‍යනා‍ශක කාර්යාංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සහ එම කාර්යංශයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට පියවර ගෙන තිබේ. එම කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, කාර්ංශයේ යම් නිලධාරින් පිරිසකට මේ වන විටත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කාර්යාංශය මට්ටමින් අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි.

ඒ අනුව දැනට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ රාජකාරි කටයුතු සිදුකරන නිලධාරින් සම්බන්ධයෙන් විශේෂ අධික්ෂණයක් සිදුකිරීමටත් රාජකාරි කටයුතුවල ප්‍රගති සමාලොචනයක් සිදුකිරීමත් පියවර ගෙන තිබේ.

ඊට අමතර ව විනිවිඳභාවයෙන් යුතු නව විමර්ශන සැලසුම් සකස් කිරීමට නියමිත අතර එම සැලසුම් උසස් නිලධාරීන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මත්ද්‍රව්‍යනා‍ශක කාර්යාංශය පැවසුවේය.

මින් ඉදිරියට පොලිස් මත්ද්‍රව්‍යනා‍ශක කාර්යාංශයට කැළලක් ඇති නොවන පරිදි සිය රාජකාරි කටයුතු සිදුකරන ලෙස සියලු කාර්යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද එම කාර්යාංශයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කරන ලඳී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13දෙනා අගෝස්තු මස 04 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම නිලධාරීන් දොළොස් දෙනා සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනෙක් පසුගිය ජූලි 14 වන දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශ ලබා දුන්හ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ ගොඩනැගිල්ල ද එදින විශේෂ කාර්යය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් නිල සුනඛ අංශය විසින් පැය 05 කට අධික කාලයක් පුරා පරීක්ෂාවට ලක් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු 18 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගම දී ජූලි මස 7 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා එදින ම කඩවත පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නා ලඳී.


News Articles
Latest Videos
Most Popular Post