News Line| Off Air
Generic placeholder image

Jul
23

බත්තරමුල්ල හා නුගේගොඩ අවට අද ජල කප්පාදුවක්

614 Views


බත්තරමුල්ල හා නුගේගොඩ අවට අද ජල කප්පාදුවක්

බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට අද (23) රාත්‍රී 10 සිට හෙට (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත්වෙන අතර බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙය සිදුකරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර, නුගේගොඩ අවට ප්‍රදේශ කිහිපයකට ද අද රාත්‍රී 10 සිට දහවල් 12 දක්වා පැය 14 ක ජල කප්පාදුවක් සිදුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි.


News Articles
Latest Videos
Most Popular Post