News Line| Off Air
Generic placeholder image

Jul
24

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු රෝහලෙන් පැන යයි

578 Views


IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු රෝහලෙන් පැන යයි

මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එම රෝහලෙන් පළාගොස් තිබෙනවා. ඔහු අද (24) අලුයම රෝහලෙන් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ.

අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි අපරාධ සඳහා අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය සදහන් කළේය. මෙම පුද්ගලයාගේ වම් කකුලේ ආබාධයක් පැවතීම හේතුවෙන් ඇවිදින විට කොරගසන පුද්ගලයෙකු වන අතර මොහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.

මෙලෙස පළාගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිකුණාමලය වල්ලිමරම් ප්‍රදේශයේ පදිංචි එල්.සියාම් නසීම් නමැති පුද්ගලයෙකු බව සදහන් වන අතර මෙම පුද්ගලයා ගැන දන්නා අයෙකු පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.

119
0718591017
0718592290
0718591864


News Articles
Latest Videos
Most Popular Post