News Line| Off Air
Generic placeholder image

Jul
24

මුල්ලේරියාව අයි. ඩී. එච් රෝහලෙන් පැනගිය පුද්ගලයා සොයා ගැනේ

851 Views


මුල්ලේරියාව අයි. ඩී. එච්  රෝහලෙන් පැනගිය පුද්ගලයා සොයා ගැනේ

2020.07. 24 වන අද දින අලුයම් කාලයේ මුල්ලේරියාව අයි. ඩී. එච් රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා අද දින උදෑසන කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සොයා ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

ඒ අනුව ඒ රෝගියා සොයා ගැනීම පිලිබදව දැනුවත් කල යුධ හමුදාව ඇතුළු සියලු මාධ්‍ය ආයතන වලටත් සහ සමාජ මාධ්‍ය වලටත් මහ ජනතාවටද සිය ස්තුතිය පල කරන බවයි පොලිසිය සදහන් කරන්නේ.

එමෙන්ම මෙම රෝගියා සොයා ගැනීම සදහා විශේෂයෙන්ම සහය දුන් ජාතික රෝහල් කාර්ය මණ්ඩලය සහ සියලුදෙනාට පොලිස්පතිතුමා විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post