News Line| Off Air
Generic placeholder image

Jul
25

කොරෝනා අරමුදලෙන් PCR පරීක්ෂණ සදහා මිලියන 36 ක්

988 Views


කොරෝනා අරමුදලෙන් PCR පරීක්ෂණ සදහා  මිලියන 36 ක්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබෙනවා.

අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත.

PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබෙන අතර මේ වන විට කොවිඩ් -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post