News Line| Off Air
Generic placeholder image

Jul
26

ඇමෙරිකා චීන මත ගැටුම් උස්සන්න වෙයි

677 Views


ඇමෙරිකා චීන මත ගැටුම් උස්සන්න වෙයි

නිරිතදිග චීන නගරයක් වන චෙන්ඩු ප්‍රදේශයේ පිහිටා ඇති ඇමරිකා කොන්සල් කාර්යාලයේ බලධාරීන් ආරක්ෂාව තර කර තිබෙනවා. එහි සේවය කල නිලධාරීන් ඇමෙරිකාව වෙත පිටත් වීම සදහා සුදානමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

ඇමෙරිකා හුස්ටන් හි පිහිටි චීන කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව කල නියෝගයකට ප්‍රතිචාර වශයෙන් චෙන්ඩු ඇමෙරිකා කොන්සල් කාර්යාලය වසා දමන ලෙස චීනය නියෝග කර තිබෙනවා.

ඇමෙරිකාව ජාත්‍යන්තර හා ද්විපාර්ශවිය ගිවිසුම් උල්ලංගනය කරමින් සිටින බවට චීනය චෝදනා කර තිබෙනවා. චීනය මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ඇමෙරිකා ඇමෙරිකා බලධාරීන් පිරිසක් වසා දමන ලද හුන්ස්ටන් හි චීන කොන්සල් කාර්යාලයේ පිටුපස දොඅරක් විවෘත කිරීම සදහා උත්සහ කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි. මෙම චීනය මෙම ක්‍රියාවට දැඩි විරෝධය පල කර තිබෙන අතර චීන විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම සිද්ධිය පිලිබදව ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post