හෙට සිට රජයේ සියලු පාසල්වල 11,12 සහ 13 ශ්‍රේණි සිසුන් සඳහා පමණක් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම ඉදිරි මහ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලබන 28 සිට 31 වැනි දා දක්වා දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන අතර ඔවුන් විසින් එම කාලය තුළ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමග සාකච්ඡා කර සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් පාසල් තුළ මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.