උපාධිධාරී රැකියා පත්වීම් මහා මැතිවරණයෙන් පසුව යළි ලබාදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල නගරයේ ඊයේ ( 26 ) පැවති ජන හමුවකට එක වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සකස් කර ඇති සැලැස්මට අනුව ක්‍රියා කිරීමට තමන්ගේ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි. එම සැලැස්මට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය පුර්ණ සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්කිරීම මෙන්ම කෘෂිකර්මාන්තයේ උන්නතිය සඳහා දිස්ත්‍රික්කයේ සියලු වැව් අමුණු කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.