News Line| Off Air
Generic placeholder image

Jul
27

රියදුරු පුහුණු පාසල් අධීක්ෂණයට ජාතික වැඩ පිළිවෙලක්

548 Views


රියදුරු පුහුණු පාසල් අධීක්ෂණයට ජාතික වැඩ පිළිවෙලක්

රියදුරු පුහුණු පාසල් වල සිටින රියදුරන් පුහුණු කරවන උපදේශකයන් නිසි පරිදි දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස මෝටර්රථ ප්‍රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී මාර්ග අනතුරු පිළිබඳව පවතී වැඩසටහනක් අමතමිනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ සිටින විමර්ශන කණ්ඩායම් යොදවා දිවයිනේ පිහිටි සියලුම රියදුරු පුහුණු පාසල් වල කටයුතු අධීක්ෂණය කිරීමේ පුළුල් ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවයි.

රියදුරු පාසල් නිසි ලෙස නියාමනය නොවීම හේතුවෙන් නිසි පුහුණුවක් නොමැති රියදුරන්ට වාහන බලපත්‍ර ලබාදීම නිසා මාර්ග අනතුරු ඉහල යාමට හේතුවක් වී ඇති බවද ඒ මහතා පවසනවා. එමෙන්ම දැනට රට පුරා රියදුරු පුහුණු පාසල් 538කට අසන්න ප්‍රමාණයක් ඇති බවත් මෙම පාසල් හරි හැටි නියාමනය නොවීම හේතුවෙන් නියමිත ලෙස රියදුරු පුහුණුව අවසන් වීමට කලින් රියදුරු බලපත්‍රය රියදුරන්ට ලබා දීමට ඔවුන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post