මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ මේ වන විට දැඩි බලපෑමට ලක්ව තිබෙන රට ලෙස ඇමෙරිකාව තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම මේ වන විට සෑම දිනකම කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ ජිවිත දහසකට අධික පිරිසක් අහිමි වන අතර මේ හේතුවෙන් ම එරට ජන ජීවිතය දැඩි අවධානමක පසුවන බව විශ්ලේෂකයෝ සදහන් කරනවා. මෙම තත්වය මත දිනකට හමුවන කොරෝනා නව ආසාදිතයින් ගණනද
සැලකිය යුතු මට්ටමකට වර්ධනය වෙමින් තිබෙන පසුබිමක මෙම අවධානම තවත් තීව්‍ර වී තිබෙන බව බැලු බැල්මට පෙනේ.
එපමණක් නොව මේ වන විට එරට සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි ලෙස මෙම තත්වය උස්සන්න වී තිබෙන බවත් රෝහල් වල රෝගීන් පීරී ඉතිරි යන මට්ටමකට පත්ව තිබෙන බවයි එරටින් වාර්තා වන්නේ.
අද වන විට එරට සමස්ත ආසාදිතයින් ගණන 4,233,763 ක් වන අතර වාර්තා වන මරණ ගණන 146, 934 ක්.