ලොව පුරා ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී තිබෙන දරුණුතම හදිසි අවස්ථාව බව එහි අධ්‍යක්ෂවරයා සදහන් කරනවා.
සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන එම උපදෙස් අනුවම කටයුතු කරමින් මෙම වසංගතයෙන් ලෝකයම බේරා ගැනීම සියලු ලෝක වාසීන්ගේ යුතුකම හා වගකීම වන බවයි එම අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.
එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් මෙම වසංගතය පාලනය කර තිබෙන ලොව පුරා සියලු රටවල් වලට ඒ මහතා සිය ස්තුතිය පල කළා.