ජනප්‍රිය ඉන්දීය නළු සුශාන්ත් ගේ මරණයට ඔහුගේ පෙම්වතිය වන රියාට චක්‍රවර්තීට එරහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සුශාන්ත් සිං රාජ්පුත් ගේ පියා විසින්ය. රියා ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් 06 දනෙකු හට මෙලෙස චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ලොව පුරා රසිකයින්ගේ ආදරය දින ගෙන සිටි බොලිවුඩ් ජනප්‍රිය නළු සුශාන්ත් සිං රාජ්පුත් පසුගිය මස 14 වෙනිදා සියදිවි හානි කරගෙන තිබු අතර සිද්ධිය පිලිබදව පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වන බව එරට පොලිසිය සදහන් කරනවා.