කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉතා දැඩි බලපෑමකට ලක්ව තිබෙන රටක් ලෙස ඇමෙරිකාව තවමත් පෙරමුණේ පසුවනවා. මේ වනවිට එරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 150,000 ඉක්මවා ගොස් තිබෙනවා. එරට පළමු මරණය වාර්තා වුණේ පසුගිය පෙබරවාරි මස 29 වනදායි. එතැන් පටන් මේ දක්වා කාලය තුල මෙම මරණ 150,000 වාර්තා වී ඇත.
ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ ගණනෙන් ප්‍රතිශතයක් ලෙස 20%ක් වාර්තා තිබෙන්නේ අමෙරිකවෙන්ය. මෙම තත්වය තව දුරටත් පාලනය කරගත නොහැකි වුවහොත් ඉදිරියේදී ද මෙවැනි ජිවිත ගණනාවක් එරට නැතිවීමේ හැකියාව පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.