News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

බදියුදීන් අදත් CIDයට කැදවයි

518 Views


බදියුදීන් අදත් CIDයට කැදවයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධාන කාර්යාලයේදී හා වව්නියාව කාර්යාලයේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත්බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.

මේ අතර ETI ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට අද යළි කැඳවා තිබේ. ඒ, ETI ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ය.

ඊයේ දිනයේත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post