ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙවර ඇමෙරිකානු ජනපතිවරණය කල්දැමිය යුතු බව යෝජනවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමට තවමත් එරට අපොහොසත් වීම හේතුවෙන්.
කෙසේ වෙතත් එලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනපතිවරණය කල් දැමීමට අමෙරිකානු ව්‍යවස්ථාව අනුව නොහැකි අතර එමෙන්ම එරට ඉතිහාසයේ කිසිදු ජනපතිවරණයක් මේ දක්වා කල් දමා නොමැත.
එම ව්‍යවස්ථා විධිවිධාන අනුව ජනාධිපතිවරණය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.