පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ නිරෝධායනට ලක්කර ඇති පිරිස් වෙතින් ලබාගත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රදේශයේ පුද්ගලයින් 325 දෙනෙකුගේ පමණ සෙම් පටල ලබාගෙන ඇති බවය.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (30) හඳුනාගැණුනු අතර මීට පෙර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු ආසාදිතයෙකුගේ පවුලේ ඥාතීන් වන ලංකාපුර ප්‍රදේශයේ පවුල් දෙකක පුද්ගලයින් දෙදෙනෙකු ආසාදනයට ලක්ව තිබුණි.
ඊයේ හඳුනාගත් පුද්ගලයා එම පවුලක සාමාජිකයෙකු ආශ්‍රව කර ඇති බව වාර්තා වෙයි. කෙසේවුවද මෙම තත්ත්වය රෝගය සමාජ ගත වීමක් ලෙස සැලකිය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මේ අතර ඊයේ දිනය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.
තුර්කියේ සිට පැමිණි විදේශිය ජාතිකයෙකු, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එම ආසාදිතයින් අතර වේ.
ඒ අනුව මෙර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. ඔවුන්ගෙන් තවදුරටත්ආසාදිතයන් 470 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.