News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

සම්පායෝ අද යළි අධිකරණයට

560 Views


සම්පායෝ අද යළි  අධිකරණයට

අත් අඩංගුවට ගත මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් සරත් බණ්ඩාර , නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින්ද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් දෙදෙනා නීති විරෝධිව උපයා ගත් දේපල සම්බන්දයෙන් සොයා බැලීම සදහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. අනුරුද්ධ සම්පායෝ කුරුණෑගලදී අත් අඩංගුවට ගනු ලැබුවේ වරෙන්තු නිකුත් කල දින 10 කට පසුවයි.

විශේෂ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව සැකකරු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සදහන් කලේ.

මිගමුව බන්ධනාගාරයේ රැදවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් චෝදනා මත මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post