වව්නියාවේ ඡන්ද මධ්‍යස්ථානයක් හදිස්සියේ වෙනස් කිරීමට මැතිවරණ නිලධාරින් තීරණය කර තිබෙනවා. මෙලෙස වෙනස් කර ඇත්තේ අංක 113 – ඊරට්ටපෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයයි. ඒ අදාල මධස්ථානයේ බඹර කූඩු කිහිපයක් බැඳ තිබීම හේතුවෙන්.
මේ අනුව ඊට අදාල ජන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප්‍රාදේශිය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත මාරු කර තිබෙනවා.