2020 මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමිකරගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මේ මස 10 වන දාට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙන බව සමගි ජන බලවේගය පක්ෂය පවසනවා.
මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 7ක් හිමිවූ අතර එම මන්ත්‍රී ධුර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවද වාර්තා වනවා.