News Line| Off Air
Generic placeholder image

Aug
8

මෙවර මහ මැතිවරණයෙන් හිටපු මන්ත්‍රීවරුන් 70 කට අධික පිරිසකට පාර්ලිමේන්තු අසුන් අහිමි වෙයි

668 Views


මෙවර මහ මැතිවරණයෙන් හිටපු මන්ත්‍රීවරුන් 70 කට අධික පිරිසකට පාර්ලිමේන්තු අසුන් අහිමි වෙයි

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකට මෙවර මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙවර සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම විශේෂත්වයකි.

වසර 43 ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ,පස්වරක්ම මෙරට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වූයේ එම පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමි නොවීම නිසයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට එම පක්ෂයෙන් තරගවැදුණු එහි උපනායක රවී කරුණානායක, දයා ගමගේ යන හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම සමගි ජන බලවේගයෙන් තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ , ඒ.එච්.එම්. ෆවුසි යන හිටපු මන්ත්‍රිවරුන්ටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි විය.

කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කළ තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රීවරයාට ද මෙවර පරාජය හිමි විය.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන මෙන්ම සමගි ජනබලවේගයෙන් තරග වැදුණු එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, විජිත් විජයමුණි සොයිසා සහ චතුර සේනාරත්න යන හිටපු මන්ත්‍රීවරුන්ට ද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ හිටපු මන්ත්‍රී ඩුලිප් විජේසේකර මහතාටද මෙවර පරාජය උරුම විය.


News Articles
Latest Videos
Most Popular Post