2020 මහා මැතිවරණයෙන් පසුව නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරු 9.00ට කැලණිය රජ මහ විහාරයේ දී දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළා.
මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කල අතර නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.