News Line| Off Air
Generic placeholder image

Aug
9

අද කාලගුණය

770 Views


අද කාලගුණය

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණුසහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් සබරගමුව,බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post