News Line| Off Air
Generic placeholder image

Aug
10

ඊයම් නිසා දරුවන් අනතුරක

651 Views


ඊයම් නිසා දරුවන් අනතුරක

ලෝකයේ ළමුන් තුන්දෙනෙකුගෙන් එක් දරුවෙක් විෂ සහිත ඊයම්වලට ගොදුරු වීමේ අනතුරක් පවතින බව පර්යේෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

එම අනතුරට මිලියන අටසීයක් පමණ ලෝකයේ දරුවන් ගොදුරු වීමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ‘Pure Earth’ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.

මෙම පරීක්ෂණ වාර්තාවට අණුව විෂවීමට ප්‍රධාන හේතූන් වශයෙන් දක්වා ඇත්තේ ඊයම් අන්තර්ගත බැටරි, විද්‍යුත් අපද්‍රව්‍ය, ආකර අපද්‍රව්‍ය සහ තීන්ත නිසිලෙස ප්‍රතිචක්‍රීයකරණය නොකිරීමයි.

වැඩි වශයෙන් මෙම අනතුරට ගොදුරු වීමේ අවධානම ඇත්තේ පහළ සහ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටවල දරුවන් වන අතර මෙම තත්වයට ගොදුරු වූ දරුවන් යළි යථා තත්වයට පත්කළ නොහැකි බවත් එම පර්යේෂණය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post