කාර්ටුන් චරිතයක් ලෙස පැස්බරා කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය නමුත් පැස්බරාගේ චරිත ලක්ෂණ ගත් කල විශාල කරදරයකදී ඔලුව පොළව යටට ඔබා ගන්නා මෝඩ සත්වයෙක් ලෙස හුවා දක්වයි. ඔවුන් එසේ සිදු කිරීමට හේතුව ලෙස දක්වන්නේ කලුවරේදී අනතුරට ඔවුන්ව මඟ හැරීමත්, ඔවුන්ට අනතුර මඟ හැරීමත් යන කරුණයි. මේ හේතුව නිසා මොවුන් අඳුරු බුද්ධියක් ඇති සතුන් බවට නම් කර තිබෙනවා.
නමුත් සත්‍ය එසේ නොවේ. පැස්බරා බොහෝ විට ඔවුන්ගේ හිස බිම තබාගෙන සිටින අතර එය පොළව යටට ඔබා ගැනීමක් සිදු නොකරයි. ඔවුන් මෙසේ කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ගේ කැදලි නැඹුරු කිරීමටයි.

නමුත් ඔවුන්ගේ බෙල්ල සැහැල්ලු හා නම්යශීලී වන අතර පහසුවෙන් ඉහළට හා පහළට, දෙපැත්තට සහ ඉදිරිපස සිට පසුපසට ගමන් කරයි. ඔවුන්ගේ යෝධ ඇස් අවට ලෝකය දෙස හොඳින් විමසිල්ලෙන් සිටීමට උපකාරී වේ.
ඔවුන් නිරන්තරයෙන් සොදිස්සියෙන් සිටී. ඔවුන් කැලේ කුසගින්නෙන් පෙළෙන සිංහයන්, දිවියන්, හයිනා, අප්‍රිකානු වල් බල්ලන් සහ චීටා වැනි සතුන් ඉදිරියේ රස කෑමකි. නමුත් මොවුන් ඔවුන්ව ගොදුරු කර ගැනීමට සැරසෙන සතුන්ට පහරදීමට තරම් තරම් බලවත් වන අතර, ඔවුන්ගේ පා පහරකින් ඇටකටු කැඩී යා හැකිය. එසේ වුවත් මොවුන්ගේ පාද ඔවුන් සටන් කිරීමට වඩා සුදුසු වන්නේ පලා යෑමටයි.
පැස්බරන් නිරන්තරයෙන් අවදියෙන් සිටින්න සතුන් කොටසකි. ඒ ඔවුන්ගේ දරුවන් හට අනතුරු සිදුවීම වළක්වමින් ආරක්ෂා කර ගැනීම කූඩුව සෑදු දා පටන් ඔවුන්ගේ අරමුණ වන බැවිනි.

මොවුන්ගේ සුවිශේෂත්වය වන්නේ කූඩු එළිමහනේ එළිමහනේ සෑදීමයි. පස්බරුන් පෘථිවියේ විශාලතම පක්ෂියා වන අතර වඩාත් කැපී පෙනෙන කරුණ වන්නේ, පළමු බිත්තර දැමීමේ සිට පැටවුන් බිහි කිරීම දක්වා මාස දෙකකට වඩා වැඩි කාලයක් එහි කැදැල්ල ආරක්ෂා කිරීමට සූදානම්ව සිටිය යුතු වීමයි. මොවුන්ගේ කැදලි වල බිත්තර නවයක් දළ වශයෙන් අඩි 75 ක් පමණ පළල පුරා පොළවෙහි විසිරී ඇත
තවද පැස්බරුන් දැකීමට හොඳ ස්ථානයක් වන්නේ උතුරු ටැන්සානියාවේ ටැරන්ගයර් ජාතික උද්‍යානයයි. එය ටැරන්ගයර් ගඟ දිගේ වර්ග සැතපුම් 1,100 ක වියළි කඳු සහ තණකොළ තැනිතලා ය.
මුලාශ්‍රය – National Geographic Magazine