කුරුණෑගල නගර සභාවේ සමස්ත කාර්යමණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) එහි සියලුම කටයුතු අඩපණ වුණා.
කාර්යමණ්ඩලයේ ඉහළ තනතුරු වල සිට සුළු සේවකයා දක්වා සියලුම සේවකයන් අසනීප නිවාඩු දමා සේවයට පැමිණීමෙන් වැළකී සිටියා.
මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන කසළ බැහැර කිරීම්, නගරය පිරිසිදු කිරීම් වැනි නගර සභාව මගින් සිදුකරන ලද සේවා අද දිනයේදී සිදු නොකෙරුණ අතර මහජන පුස්තකාලය හා සුපිරි වෙළඳසලද අද උදැසන වසා දමා තිබුණා.