News Line| Off Air
Generic placeholder image

Aug
11

වෛද්‍ය ජෝන් ප්‍රින්ගල්

593 Views


වෛද්‍ය ජෝන් ප්‍රින්ගල්

1743 දී පැවති යුද්ධයෙන් ප්‍රංශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු, තුවාල ලැබූ නමුත් මාරාන්තික ලෙස රෝගාතුර වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 1500 ක් පමණ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට නුදුරින් පිහිටි ගමක හමුදා රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

එහිදී සොල්දාදුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඇඳක් මත තබා හෝ බිම තබා ප්‍රතිකාර කරනු ලැබුවා. මෙහිදී බොහෝ රෝගීන්ට අතීසාරය වැළඳුන අතර මළපහ බැහැර කිරීම, මුත්රා කිරීම, රුධිරය ගලනය, දහඩිය සහ වමනය වැනි රෝගලක්ෂණ මතු විය. මේ හේතුවෙන් සිය ගණනක් මියයන ලදී.

හමුදා වෛද්‍යවරයකු වන ජෝන් ප්‍රින්ගල් සිය පළමු මෙහෙයුමේ දී සොල්දාදුවන් මෙසේ මියයාම නිරීක්ෂණය කරනු ලැබුවා. සොල්දාදුවන්ට ඇතිවන මෙම රෝගලක්ෂණ වලට හේතුව ලෙස ඔහු සොයා ගත්තේ සොල්දාදුවන් ප්‍රතිකාර ලබන පරිසරයේ ඇති අපිරිසිදු බවයි. මෙය වලක්වා ගැනීම සඳහා ඔහු විසින් ගොඩ නැගූ සිද්ධාන්තයන් ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරණු ලැබුවා. එනම් රෝගීන්ට සනීපාරක්ෂාව සැලසීම මගින් මෙම රෝගී තත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි. ඔහු ඉදිරිපත් කරන ලද අදහස අපිරිසිදු න්‍යාය ලෙස නම් කරනු ලැබුවා.

1707 දී උපත ලද ප්‍රින්ගල් ස්කොට්ලන්ත වංශාධිපතිවරයෙක්ගේ බාල පුත්‍රයා විය. ඔහු එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ සදාචාරාත්මක හා ස්වාභාවික දර්ශනය පිළිබඳ හදාරා ඇති අතර, එමගින් ඔහු ලැබූ පන්නරය වුයේ අත්හදා බැලීම්, නිරීක්ෂණ සහ තර්කණයන් තුළින් ජීවමාන ලෝකය ගැන ඉගෙනීමයි.

පසුව යුද්ධය ආරම්භ වූ විට, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍ය ජෙනරාල් ලෙස ඔහු පත්කරනු ලැබුවා.

1743 මෙහෙයුමේදී බ්‍රිතාන්‍ය හමුදාවේ හතර දෙනෙකුගෙන් එක අයෙක් අසනීප තත්ත්වයට පත්වූ බව ප්‍රින්ගල් ඔහුගේ පරීක්ෂණයේදී ගණන් බලා තිබුණා. පසුව ඔහු කඳවුරු බිම් සැකසීමේදී තෙත්, දුර්වල වාතාශ්‍රය ඇති ප්‍රදේශවලින් වළකින ලෙසත් වැසිකිළි කල්තියා හාරා ගන්නා ලෙසත් කඳවුරු සකස්කරන්නන්ව දැනුවත් කර තිබුණා.

පසුව උද්ගත වූ ගැටලුව වුයේ සොල්දාදුවන්ට රෝහල් පහසුකම් ලබා දීමයි. රෝහල්වල රෝගීන්ගේ ඉඩකඩ පිරිසිදුව, හොඳින් වාතාශ්‍රයක් සෑම මිනිසෙකුටම ලබා දිය යුතු බව ඔහු තීරණය කළා. ඇඳ ඇතිරිලි නිතර වෙනස් කළ යුතු බවද ඔහු දැනුම් දුන්නා. ඉන්පසු ඔහුගේ ගණනය කිරීම් අනුව පෙර පැවති මරණ අනුපාතය අඩකට වඩා අඩුවී ඇති අතර එය 1743 දී සියයට 21.4% සිට ඊළඟ වසර දෙකේ සටන තුළ සියයට 9.8% දක්වා පහත වැටී තිබුණා.

1752 දී ප්‍රින්ගල් විසින් යුද්ධයක් අතරතුර සොල්දාදුවන් ගොදුරුවන රෝග පිළිබඳ ඔහුගේ නිරීක්ෂණ ඇතුලත් පොතක් ප්‍රකාශයට පත් කිරීම සිදු කළා. ඉන්පසුව බොහෝ රටවල් මිලිටරිය පිරිසිදු කිරීමේ අපිරිසිදු න්‍යායේ සාර්ථකත්වය හඳුනාගෙන, පුරෝගාමී මහජන සෞඛ්‍ය උපදේශකයින් හරහා ඉතා ඉක්මනින් අපිරිසිදුකමට එරෙහිව වැඩසටහන් දියත් කළා.

මුලාශ්‍රය – National Geographic Magazine


News Articles
Latest Videos
Most Popular Post