News Line| Off Air
Generic placeholder image

Aug
11

චීන මහා ප්‍රකාරයට නවීන තාක්ෂණය

1149 Views


චීන මහා ප්‍රකාරයට නවීන තාක්ෂණය

චීන මහා ප්‍රාකාරයේ දුර බැහැර ප්‍රදේශයක් වැඩි කල් නොගොස් වැඩි නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත්වන බව බොහෝ දෙනා පවසනවා. මෙයට හේතුව වන්නේ මෑතකදී චීන මහා ප්‍රකාරය මුල් කර ගනිමින් කරමිනි සිටි ව්‍යාපෘතියක් අවසන් වීමත් සමගයි. මෙම ප්‍රකාරය චීනයේ පවතී ප්‍රධාන බලකොටුවක් පමණක් නොව චීනයම හැඩගස්වා ඇති සියවස් ගණනාවෙහි කැපී පෙනෙන මතක් කිරීමකි.

රටේ උතුරින් කිලෝමීටර් 21,000 පුරා පැතිර ඇති මේ මහා ප්‍රාකාරය මානව වර්ගයාගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණවලින් එකකි. එය ලෝකයේ පුදුම නවයෙන්, හත් වන පුදුමය ලෙස ලැයිස්තු ගත කර තිබෙනවා. එය 1987 දී යුනෙස්කෝ ලෝක උරුමක් ලෙසද නම් කර තිබෙනවා.

සංචාරකයින් බීජිං වෙත පැමිණෙන විට, ඔවුන් බොහෝමයක් දෙනෙක් තාප්පයේ වඩාත් ප්‍රසිද්ධ මුරපොලවල් වෙත ගමන් කරයි.

නමුත් මේ ප්‍රකාරයේ ජියැන්කෝ කොටසට පැමිණෙන්නේ සංචාරකයන් ස්වල්ප දෙනෙකි. මෙම කොටස කිලෝමීටර් 20 ක් පුරා පැතිර ඇති අතර පහළ නිම්නයේ සිට බලන විට මෙය අයිසිං පයිප්පයක් සේ පෙනේ.

ප්‍රකාරයේ මේ කොටස පිහිටා ඇත්තේ බීජිං සිට කි.මී. 100 ක් උතුරින් ය. නමුත් මෙය සංචාරකයන් වැඩිය පැමිණෙන ප්‍රදේශයක් නොවීම හේතුවෙන් සිහිවටන සාප්පු හෝ කේබල් කාර් පහසුකම් නොමැත. හොඳම දේ නම් ටිකට් පත් විකිණීමටද කිසිවෙකු නොමැති වීමයි. සංචාරක මග පෙන්වන්නෙකු පවා නොමැති මෙම කොටසට පිවිසීමට කන්ද උඩට විනාඩි 45ක් පමණ දුෂ්කරව ගමන් කළ යුතු වනවා.

1500 සහ 1600 ගණන්වල මුල් භාගයේ ඉදිකරන ලද මෙම කොටස ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොනැසී පැවතුන අතර එහි කිලෝමීටර හතක් පමණ විශේෂයෙන් කිසිවෙකුට ගමන් කල නොහැකි සේ අබලන්වී පැවතුනා. වරකට එක් පුද්ගලයෙකුට පමණක් ගමන් කළ හැකි වන පරිදි බිත්තියේ සමහර කොටස් මුළුමනින්ම කඩා වැටී ඇති අතර ගස් හා පඳුරු බිම හරහා තල්ලු වී ජියැන්කෝ කොටස බලකොටුවට වඩා වනාන්තරයක් ලෙස පෙනෙනවා. මේ හේතුවෙන් ප්‍රකාරයේ මේ කොටස ඉතා භයානක තත්වයක පැවතුනා.

ජියැන්කෝ කොටස අලුත්වැඩියා කිරීම සඳහා නවතම අලුත්වැඩියාව සඳහා අරමුදල් සපයන ටෙන්සෙන්ට් පදනමේ මහා ප්‍රකාරය ආරක්ෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු මා යාඕ පැවසුවේ “සෑම වසරකම එක් අයෙකු හෝ දෙදෙනෙකු මෙම බිත්තියේ කඳු නැගීමෙන් මිය යන බවයි. සමහරු කඳු නැගීමෙන් හා වැටීමෙන් මිය ගොස් අතර සමහරු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.”

තවදුරටත් ඛේදවාචකයන් වළක්වමින් සහ අනාගත පරම්පරාවන් සඳහා ජියැන්කෝ තාප්පය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීම 2015 දී ආරම්භ වුණා. මෙම ව්‍යාපෘතියේ වැඩ 2019 වර්ෂයේදී අවසන් කෙරුණා.

මෙම ව්‍යාපෘතියේ 2019 අදියර සඳහා වැඩ නිම කිරීමට තාක්‍ෂණයට බෙහෙවින් භාවිතා කර ඇති අතර ඩ්‍රෝන යානා, ත්‍රිමාණ සිතියම්ගත කිරීම සහ පරිගණක තාක්ෂනය ඇතුළත් වන පරිදි සකස් කල ක්‍රමවේදයකින් ව්‍යාපෘතියට අදාල නිරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රකාරයේ හා අවට ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා.

සාම්ප්‍රදායිකව තාප්පය අලුත්වැඩියා කිරීමට වඩා තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් නිවැරදි තීරණ නිවැරදි ක්‍රමවේදයන්ට ගත හැකිවීමෙන් සංචාරකයන්ට ආරක්ෂාකාරී ලෙස චීන මහා ප්‍රකාරයේ ජියැන්කෝ කොටස නැරඹීමට අවස්ථාව ලබා දීමට චීනයට හැකියාව ලැබී තිබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post