News Line| Off Air
Generic placeholder image

Aug
11

ගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම් මෙන්න

796 Views


ගැසට් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම් මෙන්න

2020 මහ මැතිවරණයෙන් අදාල පක්ෂ විසින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අදාල නම් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ගේ නම් මෙලෙස ගැසට් කර තිබෙනවා.

එනම්,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.මහාචාර්ය ජී. එල්. පීරිස්
2.නීතිඥ සාගර කාරියවසම්
3.අජිත් නිවාඩ් කබ්රාල්
4.ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
5.ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6.විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
7.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8.මහාචාර්ය චරිත හේරත්
9.ගෙවිඳු කුමාරතුංග
10.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11.මහාචාර්ය තිස්ස විතාරණ
12.ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13.ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14.ව්‍යාපාරික ටිරාන් අලස්
15.විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
16.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17.මොහොමඩ් ෆලීල් මර්ජාන්

තවරාජ කලෙයිඅරසන් සහ සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන අයගේ නම් ද ඇතුලත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post