හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීමට ගත් තීරණය සදාචාරාත්මකව වැරදිද ? අවුරුදු 75 කට පසු, ප්‍රශ්නයට පළමුව පෙනී සිටීමට වඩා පිළිතුරු දීමට අපහසුය.
1980 දශකයේ මුල් භාගයේදී, හාවඩ්හි මහාචාර්යවරයෙක් වන රොජර් ෆිෂර් න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ තීරණය සමඟ එය දියත් කිරීමට ප්‍රථම කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම ක්‍රමයට මස් කපන පිහියක් සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සම්බන්ධ ඇතුලත් කර ගෙන තිබුණා.
පරමාණුක විද්‍යාඥයෙක් වන ෆිෂර් මෙම ක්‍රමයේදී යෝජනා කළේ න්‍යෂ්ටික දියත් කිරීමේ වෙනුවට එනම් මිසයිල දියත් කිරීමට අවසර දීමට පෙර, මිසයිලය දියත් කරන පුද්ගලයා අණ දෙන නිලධාරියාව ඝාතනය කර මරණය යනු කුමක්දැයි අවබෝධ කරගත යුතු බවයි.

නමුත් ෆිෂර් පෙන්ටගනයේ සිටි මිතුරන්ට මෙම යෝජනාව ඉදිරිපත් කළ විට, ඔවුන් දැඩි ලෙස කෝපයට පත් වූ අතර, මෙම ක්‍රියාව ජනාධිපතිගේ තීන්දුව විකෘති කරනු ඇතැයි තර්ක කළා. නමුත් ෆිෂර්ට තම යෝජනාව වෙනස් කිරීමට කැමැත්තක් දැක්වුයේ නැහැ. එනම් දහස් ගණනක් ඝාතනය කිරීමට පෙර නායකයා පළමුව යමෙකු දෙස බලා මරණය යනු කුමක්ද ? අහිංසකයෙකු මරණයට පත්කිරීම යනු කුමක්දැයි අවබෝධ කරගත යුතු බව ඔහුගේ මතය වුණා.
මස් පිහියකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම සදාචාරාත්මකව පිළිකුල් සහගත ක්‍රියාවක් විය හැකි නමුත්, දේශපාලනික ක්ෂේත්‍රය තුළ, අතීත නායකයින් ඔවුන්ගේ පරමාණුක ක්‍රියා දේශපාලන හෝ මිලිටරි අවශ්‍යතාවයක් ලෙස සාධාරණීකරණය කර තිබෙන අයුරු දකින විට එම යෝජනාවෙහි වැරද්දක් කිව නොහැක.
මීට වසර 75 කට පෙර හිරෝෂිමා සහ නාගසාකි වෙත න්‍යෂ්ටික බෝම්බ හෙලීමෙන් පසුවද එම ප්‍රහාරය යුක්ති සහගත වූයේ එහි සදාචාරසම්පන්න බව නොව, එහි ප්‍රතිඵලය අනුව සලකා බැලීමෙන් පසුවය. මෙම ප්‍රහාරයෙන් පසුව දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර, 20 වන සියවසේ ඉතිරි කාලය තුළ න්‍යෂ්ටික යුද්ධයට පිවිසීමට රටවල් අධෛර්යමත් කරනු ලැබුවා.

එහෙත් 1945 අගෝස්තු 6 සහ 9 යන දිනවල මානව වර්ගයාගේ වඩාත්ම විනාශකාරී ප්‍රහාර දෙකක් පරමාණුවේ බිහිසුණු බලය සිවිල් නගර දෙකකට ගෙන ආ බව එම ධනාත්මක ප්‍රතිවිපාකවලින් සැඟවිය නොහැක. ප්‍රහාරයත් සමඟ ගිනි කුණාටු සහ විකිරණවලින් අවම වශයෙන් 200,000 ක් මිය ගිය අතර තවත් දස දහස් ගණනක් තුවාල ලැබුවා. පසුකාලීනව විකිරණ වල බලපෑම මත පිළිකා සහ කම්පනය හේතුවෙන් මිනිසුන් තුල ඇතිවූ විපර්යාස පරම්පරා ගණනක් පුරා පැතිර ගියා.

සිවිල් වැසියන්ට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම කවදා හෝ නිවැරදි විය හැකිද ? එවැනි තීරණයක් සදාචාරාත්මකව සාධාරණීකරණය කළ හැක්කේ කුමන තත්වයන් යටතේද ? මෑත වසරවලදී, පර්යේෂකයන් සහ දාර්ශනිකයන් න්‍යෂ්ටික අවි මගින් මතු කරන සදාචාරාත්මක ප්‍රශ්න ගවේෂණය කර ඇති අතර ඔවුන්ගේ නිගමනවලට අනුව පහසු පිළිතුරු කිහිපයක් ලබා ගැනීමට සමත් වුවත් එයින් ඇති වූ බලපෑම තවමත් අවසන් කිරීමට සමත්වූ කිසිවෙකුත් නොමැත.
මුලාශ්‍රය – BBC