News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

පිල්ලෙයාන්ගේ සහයාත් රජයට

561 Views


පිල්ලෙයාන්ගේ සහයාත් රජයට

මඩකලපුව දිස්ත්‍රික්කයට පමණක් තරග කර එක් මන්ත්‍රී අසුනක් හිමිකරගත් තම පක්ෂය නව රජයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව තමිල් මක්කල් විඩුදල පුලිගල් හෙවත් ටී. එම් වි . පී. පක්ෂය කියයි.

එම පක්ෂයේ නායක හිටපු නැගෙනහිර මහ ඇමති සිවනේතුරෙයි චන්ද්‍රකාන්ති හෙවත් පිල්ලයාන් මෙවර මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගණන වන 54198 ක් ලබා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා.

තම පක්ෂය කවදත් මහින්ද රාජපක්ෂ රජයට සහය පළ කර ඇති නිසා මෙවරද තම පක්ෂයේ සහය ජනපතිතුමාට හිමිවන බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක හා එම පක්ෂයේ සභාපතිවරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post