එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කෙනෙකු නම් කිරීම ලබන සිකුරාදා ( 14 ) කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් නොකරන හෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා කෙනකු පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදී ගනු ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.