නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද ජනපතිගෙන් පත්වීම් ලද අතර ඊට මුල් වරට තේරීපත් වූ කැබිනට් අමාත්‍යධුර හිමි තිදෙනෙක් සිටිම විශේෂත්වයක්.
මේ අනුව මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ තිදෙනා වන්නේ නව ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා ඇමති ලෙස තේරීපත් වූ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ බලශක්ති අමාත්‍ය ධුරය හිමි වූ උදය ගම්මන්පිල හා අධිකරණ අමාත්‍ය ලෙස තේරී පත් වූ නීතිඥ අලි සබ්රි මහතාය.