News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

පාසල් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

540 Views


පාසල් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

කොවිඩ් 19 හේතුවෙන් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය 10 වන දා දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.

වෛරස ව්‍යාප්තියේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post