කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම ඉක්මනින් සිදු කිරීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
මින් පෙර සංචාරක මාර්ගෝපදේශකයන්ට රු. 20000ක දීමනාවක් හා සංචාරක රියදුරන්ට රු. 15000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබුණ අතර මැතිවරණ කොමිසමෙන් මේ මුදල රු. 10000කට සීමා කරන ලෙස පැවසුවත් මැතිවරණය අවසන් බැවින් පෙර තීරණය කල මුදල ලබා දීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.