ස්මාර්ට් වොච් අතර ඇපල් වොච් වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එවැනිම උපාංගයක් චිනයේ ෂියෝමි සමාගමෙන් නිපදවා දැන් විකිණීම ආරම්භ කර තිබෙනවා.
ලොව ප්‍රකට ඇපල් වොච් හි තිබෙන ලක්ෂණ වලට සමාන පෙනුමකින් හා තාක්ෂණයකින් යුත් මේ ෂියෝමි මී වොච් චීනුන්ට සැලසුම් කර දෙන ලද අතර එහි බලසම්පන්න කම පෙන්වන ඇප්ස් තොගයක්ද මෙහි අනතර්ගතයි. මේ අතර නිරෝගී දිවි පෙවතකට අවශ්‍ය එදිනෙදා ශරීර සුවතාව පෙන්වන ඇප්ස් ෆිට්නෙස්ස් ඇප්ස් ගණනවක් වෙයි. මේ අතර සිරුරේ ඔක්සිජන් මට්ටම පෙන්වන ඇප්ස් ද හෘද ස්පන්දනය පෙන්වන ඇප් එකද මෙහි සුවිශේෂී වන අතර නින්ද පිළිබදව මෙන්ම ශරීර සුවතා අභ්‍යාස පිලිබදව විමසා තොරතුරු වාර්තා කරන ඇප්ස් ඇතුළුව ඒවා බොඩි එනර්ජි මොනිටරින් ඇප්ස් වශයෙන් හදුන්වයි.
එමෙනම මේ මි වොච් දෘඩාංග තාක්ෂනය අතින්ද ඇපල් වොච් වලට සමානය. ස්නැප්ඩ්‍රගන් වෙයා තාක්ෂණයක් ඇති මෙහි තාවකාලික මතකය ගිගා බයිට් එකක් වන අතර ස්ථාවර මතකය ගිගා බයිට් 08 කි. මේ අතර සාමාන්‍ය විදියට වයිෆයි , බ්ලු ටුත් මෙන්ම නියර්ෆිල්ඩ් කනේක්ටිව්ට් පහසුකම් ද 4G සම්බන්ධතාව ඔස්සේද ක්‍රියාත්මක වෙයි.
මෙවැනි තාක්ෂනයකින් යුත් මෙම මී වොච් උපාංගය චීනයේ විකුනන්නේ ඩොලර් 185 කටය. එය ඇපල් අයිෆෝන් මිල හා සැසදීමේදී බාගෙට බාගෙකින් අඩුය.
චීනයේ විකුණුම් අරඹා ඇති මෙම මී වොච් උපාංගය චීනයේ ජනප්‍රිය වුවාට පසු ලොව පුරා විකිණීම ආරම්භ කිරීමට එම සමාගම සැලසුම් කර තිබෙනවා. ඒ අයුරින් ඇපල් වොච් උපංගයට තරගකාරී උපාංගයක් වශයෙන් මී වොච් උපාංගය ලොව පුරා විකිණෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.


